Monday, May 4, 2015

Windows වලදි ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය 20% කින් හෝ ඊටත් වඩා වැඩිකරගන්න ක්‍රමයක්


Windows වලදි ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය 20% කින් හෝ ඊටත් වඩා වැඩිකරගන්න ක්‍රමයක්

         ~~@~~Kasun Madusankha~~@~~0771057758~~@~~madusankha1996@gmail.com~~@~~

  • මුලින්ම "Start > Run..." ගිහින් "gpedit.msc" කියල type කරල "OK" කරන්න. (Windows7 නම්: Start මෙනු එකට ගිහින් search box එකේ "gpedit.msc" කියල type කළාම ලැබෙන list එකෙන් file එක තෝරන්න.)
  • "Group Policy" window එක දැන් open වෙන්න ඕනෙ.
  • දැන් ඒ window එකේ "Local Computer Policy > Computer Configuration > Administrative Templates > Network > QoS Pocket Schedular" වලට ගිහින් "Limit Reservable Bandwidth" උඩ double click කරන්න.
  • "Limit Reservable Bandwidth Properties" window එක දැන් open වෙන්න ඕනෙ.

                                    
මේ window එකේ "Explain" ටැබ් එක වෙත ගියොත් ඔයාට දකින්න පුළුවන් මෙහෙම දෙයක්, "By default, the Packet Scheduler limits the system to 20 percent of the bandwidth of a connection, but you can use this setting to override the default. If you enable this setting, you can use the "Bandwidth limit" box to adjust the amount of bandwidth the system can reserve. If you disable this setting or do not configure it, the system uses the default value of 20 percent of the connection." ඒ කියන්නෙ "Not Configured" තිබ්බත් "Disabled" තිබ්බත් පරිගණකය Windows මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාවයන් සදහා ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20% ක ප්‍රමාණයක් වෙන්කර තබාගන්නව කියන එක. දැන් මේක වෙනස් කරන්න ආයෙත් "Setting" ටැබ් එකට එන්න.
  • දැන් "Setting" ටැබ් එකේ තියෙන "Enabled" කියන radio button එක click කරල "Bandwidth limit (%)" කියන තැන "0" type කරල "Next Setting" button එක click කරන්න.
  • "Limit Outstanding Pockets Properties" යටතේ "Disabled" තෝරල ආයෙත් "Next Setting" button එක click කරන්න.
  • "Set Timer Resolution Properties" යටතේ "Disabled" තෝරන්න.
  • දැන් "Apply" click කරල "OK" click කරන්න.
  • අන්තිමට "Group Policy"  window එක close කරන්න.
දැන් ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩිවෙලා තියෙන්න ඕනෙ!