Monday, September 8, 2014

ෆෝමැටි කරන්න බැරි ෆ්ලෑෂ් ඩ්‍රයිවි බලෙන් ෆෝමැටි කරන හැටි

   ෆෝමැටි කරන්න බැරි ෆ්ලෑෂ් ඩ්‍රයිවි  බලෙන්                          ෆෝමැටි කරන හැටි
ඔන්න මම අද අරගෙන ආව ඔයාලට නිතර ඇතිවෙන ප්‍රශ්ණයකට පිළියමක්. ඔයාලගෙ ෆ්ලෑෂ් ඩ්‍රයිවි (පෙන්, චිප් ) සාමාන්‍යය විදිහට ෆෝමැටි කරන්න බැරි වෙලාවල් වල ෆෝමැටි කරන විදිහ තමයි අද මම කියලදෙන්න යන්නෙ. එහෙම සාමාන්‍යය විදිහට ෆෝමැටි කරන්න බැරිවෙන්නෙ ගොඩක් දුරට  වෛරස් නිසා.
            ඒත් වින්ඩෝස් වල මී මුත්ත ඩොස්  භවාතා කරල ලේසියෙන්ම අපට ෆ්ලෑෂ් ඩ්‍රයිවි ෆෝමැටි කරගන්න පුලුවන්. දැන් ඉතින් Command Prompt කියල වින්ඩෝස් අස්සෙ ගහල තියෙන ආත වින්ඩෝස් අයියටත් බැරි දේවල් කරනව...
දැන් කතා ඇති. වැඩේට බහිමු (drive letter එක J ලෙස සලකන්න)
·        මුලින්ම ෆෝමැටි කරන්න ඕන පෙන් එක හරි චිප් එක හරි ඔයාගෙ පරිගනකයට කනෙටිකරන්න.
·        දැන් My Computer  ගිහිල්ල ඒ පෙන් එ‍කේ හරි චිප් එකේ හරි drive letter එක බලාගන්න. (උදා : (F:),(G:),...)
·        දැන් Command Prompt  එක open කරගන්න (Start -> Run -> cmd -> [OK] )

·        දැන් මේ විදිහට format කියල ටයිප් කරල හිස්තැනක් තියල කලින් හොයාගත්තු drive letter එකත් එක්ක ඩොටි දෙක ටයිප් කරල [Enter] කරන්න. උදාහරණයක් විදිහට drive letter එක J නමි, format J: කියල ටයිප් කරන්න ඕන.
·        දැන් වැටෙයි මේ විදිහට

Insert new disk for drive J:
and press ENTER when ready...

·        ආයෙත්  [Enter] කරන්න. දැන් ෆෝමැටි වෙන්න පටන්ගනී.
·        ෆෝමැටි වෙලා ඉවර වුනාම මේ විදිහට වැටෙනව

Volume label <11 characters, ENTER for none>?

·        මෙතනදි ෆෝමැටි කරපු ඩ්‍රයිවි එකට දාන්න ඕනි නම අහනව. කැමතිනම් විතරක් අකුරු 11ට අඩු නමක් ගහල [Enter] කරන්න. නැත්නම් නිකම්ම [Enter] කරන්න.

දැන් වැඩේ හරි. FAT32 වලින් format උනා. ඒත් ඉතින් සමහරුන්ට NTFS වලින් format කලේ නැත්නම් මාර අවල්. එහෙම format කරන්නනම් FAT32 න් format කරල ඉවර වුනාම CMD වල එතනම පහලින් convert J: /FS:NTFS /NoSecurity කියල ටයිප්කරල Enter කරන්න.

දැන්නම් වැඩේ හරියටම හරි................

ඉතින් මම ගියා......කොමෙන්ටුවක් කොටලම යන්න...................!